Press "Enter" to skip to content

මාවනැල්ල බස් නැවතුම්පොළ – කාලයක් තිස්සේ පවතින අන්ත දුක්ඛිත තත්වය

මාවනැල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉතා අබලන් තත්ත්වයෙන් පවතයි. එම ගොඩනැගිල්ලේ වහලය ගැලවීගොස් මාස ගණනාවක් වූවද එය පිළිසකර නොකිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

මාවනැල්ල, රඹුක්කන, අරණායක යන කොට්ඨාස තුනක ජනතාව තම මගී ප්‍රවාහන කටයුතු සදහා භාවිතය කරන මෙම බස් නැවතුම්පොළ හී ලංගම බස්රථ සහ පෞද්ගලික බස් රථ ධාවනයේ යෙදේ. මාවනැල්ල සිට සෑම නගරයකටම මෙම නැවතුම්පොළ හරහා බස් රථ ධාවනයේ යෙදෙන බැවින් දවසකට ලක්ෂ ගණනක ජනතාව මෙම නැවතුම්පොළ භාවිතා කරති.

මාවනැල්ල නගරය මධ්‍යයේ පිහිටා ඇති මෙම බස් නැවතුම්පොළට ඇත්තේ වර්ග අඩි 1000ක පමණ ගොඩනැගිල්ලක් පමණක් වූවද, එයද තහඩු සෙවිලි කල කම්බි පමණක් සිටුවා සකස් කරන ලද්දකි. කුකුළු කූඩුවක් සේ සකසා ඇති මෙම ගොඩනැගිල්ල මාවනැල්ලට දිනකට ඇදී එන දහස් ගනන් ජනතාවට කිසිසේත් ප්‍රමාණවත් නොමැත. එයද තහඩු ගැලවීගොස් ඇති බැවින් එය මහජන ආරක්ෂාවටද තර්ජනයක් වී ඇත. විශේෂයෙන්ම වැසි කාලගුණ තත්වයන්හි ජනතාව ඉතාම අපහසුතාවට පත්කරයි.

ඉතාම ධනවත්ම ප්‍රාදේශීය සභාවකට හිමිකම් කියන, ප්‍රබල දේශපාලකයින් රටට දායාද කල මාවනැල්ල නගරයේ සංකේතයක් විය යුතු මෙම බස් නැවතුම්පොළ මුළු ලංකාවේම ලෙඩෙක් සේ දිස්වන්නේ කාගේ වැරැද්දක්
නිසාද යන්න තාමත් ප්‍රහේලිකාවකි.

මාවනැල්ල ජනතාවගේ දිගුකල් ඉල්ලීමක්ව පැවතින මෙය බලධාරින්ගේ ඇසට ගැටේවායි අප ප්‍රාර්ථනා කරමු.

Staff writer, Mawanella Plus

Be First to Comment

Leave a Reply