Press "Enter" to skip to content

විශ්‍රාමිකයාට උන විපාකය

ගිය මාසයේ විශ්‍රාම වැටුප් ලැබුවෝ 644,651 දෙනෙක් විය.

ඔවුන් අතර සිටින ත්‍රිවිධ හමුදාවල සේවය කළ සංඛ්‍යාව 103,690ක් විය.

එමෙන්ම වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප ලබන්නාගේ සංඛ්‍යාව 186,233 දෙනෙක් බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි .

විශ්‍රාම වැටුප ලබන්නන් අතර විශාල පිරිසක් රෝගීහු වෙති. වැටුප ලබාගැනීමට හැරමිටි ගසමින් පැමිණෙන්නන් ඔබ සමහර විට දැක තිබෙනු ඇත. ඇතැමෙකු එන්නේ තම දු දරුවන්ගේ හෝ මුනුබුරු මිනිබිරියන්ගේ ආධාරයෙනි. විශ්‍රාම වැටුප ලබාගැනීමෙන් පසු බොහෝ දෙනෙකු යන පළමු ස්ථානය ඖෂධ හලය. ඇතැමෙකුට ඖෂධ ගැනීමට තරම්වත් විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවේ.

විශ්‍රාම යන අවස්ථාවේදී විශ්‍රාම වැටුපෙන් අඩු කරගැනීමට දෙන විශ්‍රාම පාරිතෝෂිතය බැංකුවල තැන්පත් කොට එහි පොලියෙන් ජිවත්වන විශ්‍රාමිකයෝ මෙයින් රැසක් සිටිති.

විශ්‍රාමිකයන් රටට කළ සේවය සලකා ඔවුන්ගේ තැන්පතුවලට වැඩි පොලියක් ලබා දීමට ගිය ආණ්ඩුව කටයුතු කරන ලදී ලක්ෂ 15 දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා 15% පොලියක් දීමට මද ආණ්ඩුව කටයුතු කළේය. එම පොලියද බදුවලින් නිදහස් කරනු ලැබිණ. මේ නිසා බොහෝ විශ්‍රාමිකයෝ කිසියම් තෘප්තිමත් ජිවිතයක් ගත කළහ.

එහෙත් දැන් විශ්‍රාමිකයින්ගේ තැන්පතු සඳහා වන පොලිය අඩු කර පොලියටද බද්දක් එක්කර තිබේ. ස්ථාවර තැන්පතු සඳහා දුන් 15% පොලිය, 8% දක්වා අඩු කිරීම නිසා පොලියෙන් ජීවිතය ගැටගසාගත් විශ්‍රාමිකයන් බොහෝ දෙනෙකු බරපතල ලෙස අසරණ වන බව අමුතුවෙන් කිව යුතු නැත .

Be First to Comment

Leave a Reply