Press "Enter" to skip to content

අග්‍රාමාත්‍යතුමා කතරගම කිරිවෙහෙර වැඳපුදා ගනියි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 2020.12.12 දින පස්වරුවේ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කිරි වෙහර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

කිරි වෙහර චෛත්‍යරාජයාණන් අභියස ආගමික වතාවත් වල නිරත වූ අග්‍රාමාත්‍යතුමාට, කොබවක ධම්මින්ද නාහිමි ඇතුලු මහා සංඝ රත්නය සෙත් පිරිත් සඡ්ඡායනා කරමින් ආශිර්වාද කළහ.

අෂ්ඨඵල බෝධීන් වහන්සේ වැඳපුදාගත් අග්‍රාමාත්‍යතුමා, රුහුණු කතරගම මහා දේවාලය හා පරිවාර දේවාල වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී පැමිණ සිටි බැතිමතුන්ගේ සුව දුක් විමසා සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමඟ සුහඳ කතා බහක ද නිරත විය.

අනතුරුව, කතරගම අභිනවාරාමායට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙම ආගමික වතාවත් සඳහා දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Be First to Comment

Leave a Reply